අනිත් නගර වල ඉන්න මිනිස්සු 'සීදුව' ට හින්ට් ගහන්න මේක quote කරලා ආතල් දුන්නට මන් හිතන්නේ ලංකාව වටේටම මේ ප්‍රශ්ණය දරුණුවට තියනවා. හේතුව මගේ නංගිටත් මේ හා සමාන ඉතා කනගාටුදායක සිද්ධියකට මුහුණ දෙන්න වුනා මීට අවුරුදු තුනකට කලින්. අපි ඉන්නේ ගම්පොළ. සිද්ධිය වුනෙ මහනුවර. https://twitter.com/_nayanatharaj/status/1386094993815707649
අපේ අක්කා නම් AL උඩින්ම පාස් වෙලා කැම්පස් ගියා. නංගි AL පාස් වුනාට එයාට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න බැරි වුනා. ඊට පස්සේ එයා නුවර SLIIT එකේ ඩිග්‍රීයක් කරන්න ගත්තා. අවුරුද්දක් විතර ක්ලාස් එහෙම ගියා. එක දවසක් අම්මා එකපාර මට කෝල් එකක් අරන් “නංගි ක්ලාස් යන්න බැහැ” කියලා අඬනවා කිව්වා
වෙලාවකට නංගි අම්මට වඩා දේවල් මට කියනවා. මන් නංගිගෙන් සිද්ධිය ඇහුවා. අපේ නංගි අර ‘Abaya’ කියන කලු ඇඳුම අඳිනවා. හැබැයි මුහුණ වහන්නේ නැහැ. නංගි ඒ කාලේ වයස 21 ක් වෙන්න ඇති. ක්ලාස් එකේ කොල්ලෝ නංගිට ශෝල් දාන්න එපා කියනවා. තව වෙලාවකට abaya අඳින්න එපා කියනවා. ඒත් නංගි පාඩුවේ ඉඳලා.
දවසක් මෙයාලගේ batch එකම ඉන්න whatsapp group එකේ කොල්ලෝ සේරම එකතුවෙලා නංගිට නැති කුණුහරුපෙන් හැමෝගෙම ඉස්සරහා බැනලා. කුණුහරුප කියන්නේ බං "ආයේ ක්ලාස් එකට ආවොත් rape කරන ගානට", නංගි මේ සේරම මට screen record කරලා එව්වා. මට පට්ටම මල. මං නංගිට කිව්වා ආයේ ක්ලාස් යන්න එපා කියලා.
ඒ කාලේ අපේ තාත්තා හිටියේ රට. මං කොළඹ. වැඩ කරේ ජනාධිපති මාධය අංශයේ. මට බලය පාවිච්චි කරලා ඒ කොල්ලන්ට හොඳ පාඩමක් උගන්වන්න වගේම ඕක විසඳගන්න ක්‍රම ගොඩක් තිබුනා. ඒ කාලේ අම්මයි නංගියි විතරයි ගෙදර. ඉතිං අම්මගෙයි නංගිගෙයි ආරක්ශාව ගැන හිතලයි මන් කෙලින්ම ආයෙ degree එක කරන්න එපා කිව්වේ.
අවුරුදු 21 කොල්ලන්ගේ ඔලුවල තියන ජාතිවාදේ, ලිංගික පීඩාව දැකලා මට මාරම ශොක් වගේම හෙනට කලකිරිලා තිබුනේ. දැන් නංගී online business එකක් කරගෙන ගෙදරට වෙලා ඉන්නවා අම්මා එක්ක. මේ වගේ ලංකාවේ කෙල්ලො ගොඩ දෙනෙක් තමන්ගේ උසස් අධ්‍යාපන සිහිනය අතහැරලා දාන්නේ ඔවුන්ට සමාජයෙන් එල්ල වෙන පිඩාව නිසා.
"මේක තමයි ජීවත් වෙන්න සුපිරි රට, පට්ට ප්ලේස් එක" කියලා පම්පෝරි ගැහුවට, නයනතාරා මේ කතා කරා වගේ ලංකාවේ මේ වගේ ඉරණම් වලට මුහුණ දුන්න/ දෙන හැම කෙල්ලම කට අරින්න ගත්තොත් අපේ රටට වැලේ වැල් නැති වෙයි. අපේ නංගිගේ කතාවත් එහෙම යට ගිය එක කතාවක් විතරයි. 💔
You can follow @ExcuzeMiii.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: