Dr. Somnath Parida Case,

Dr.සෝම්නාත් කියන්නෙ ඉන්දියාවෙ ජීවත් වුනු වයස අවු:71 ක මහලු පුද්ගලයෙක්,
2013 වර්ශයෙ එක දවසක මේ පුද්ගලයගෙ නිවසෙන් පොලීසිය ලොකු පෙට්ටියක් එලියට අරගෙන එනව, මේ පෙට්ටිය ඇතුලෙ කුඩා "Tiffin containers" විසි දෙකක් තියෙනව, මේ විසි දෙක ඇතුලෙම තිබිල තියෙන්නෙ මස්,
ඒ චිකන්, බීෆ්, පෝක් නෙමෙයි මිණී මස්, එක මනුස්සයෙක්ව කෑලි 300කට කපල මේ බොක්ස් එක ඇතුලෙ දාල තිබිල තියෙනව,

මේ වයස 71ක පුද්ගලය Army Doctor කෙනෙක්, 1971 වර්ශයෙදි ආමි එකට සම්බන්ද වෙන මෙයා 1972 වර්ශයෙ කසාද බදිනව, මෙයා කසාද බදින්නෙ "Ushasree Samal" කියන කාන්තාව, මෙයා ඔඩිසි ඩාන්ස කෙනෙක්,
මේ දෙන්නට ලමයි දෙන්නෙක් ඉපදෙනව පුතෙක් සහ දුවෙක්, 1992 මේ සෝම්නාත් කියන පුද්ගලය විශ්‍රාම ගන්නව, මෙයාගෙ ලමයි දෙන්නගෙන් දුව ඩුබායි වලටත් පුතා ඇමෙරිකාවටත් යනව, පස්සෙ මේ මහලු යුවල එයාලගෙ ගෙදර තනියම තමයි ජීවත් වෙන්නෙ, මේ දෙන්නගෙ වැඩපල කරන්න ඒ ගෙදර තව මිනිස්සු දෙන්නෙක් හිටිය,
එක්කෙනෙක් ගෙවත්තෙ වැඩ කරන කෙනෙක් අනෙත් එක්කෙනා ගේ ඇතුලෙ වැඩ කරන කෙනෙක්,
මෙයාලගෙ ගෙදරම පිටිපස්සෙ තියෙනව ගෙස්ට් හවුස් එකක්, මේ ගෙස්ට් හවුස් එකේ තමයි ගෙදර වැඩ කරන එක්කෙනා නවතින්නෙ, මේ ප්‍රදේශයට කියන්නෙ "Nayapalli" කියල,
සෝම්නාත් කියන පුද්ගලය විශ්‍රාම ගත්තට පස්සෙ මේ ප්‍රදේශයෙ පුද්ගලික රෝහලක වැඩ කරල තියෙනව, විශේශම දේ තමයි මේ පුද්ගලය short-tempered කෙනෙක් ඒ කියන්නෙ ඉක්මනින් තරහ යන කෙනෙක්, මේ නිසාම එයා අසල් වැසියොත් එක්ක නිතරම රණ්ඩු ඇති කරගන්නව,
මේ පුද්ගලයගෙ ලමයි දෙන්නම රට ඉන්න නිසා නිතර මෙයාලට කතා කරල තියෙනව, දුව කතා කරන අවස්තා වලදි ඉඩමෙ අයිතිය ගැන රණ්ඩු ඇති වෙලා තියෙනව ගොඩක් ඒ දෙන්න අතර, ඒක නිසා මේ දෙන්න වැඩිය කතා කරන්ල නැහැ, ඒ දෙන්නට ගොඩක්ම කතා කරල තියෙන්නෙ ඇමෙරිකාවෙ ඉන්න එයාලගෙ පුතා,
මේ කතාව පටන්ගන්නෙ 2013 ජූලි මාසෙ මුලදි, සෝම්නාත්ගෙ පුතා නිතරම කතා කරද්දි අම්ම ගැන අහද්දි සෝම්නාත් කියල තියෙනව අම්ම නිදි, නැත්නම් අසනීපයි, නැත්නම් මොකක් හරි වැඩක් කරනව, නැත්නම් අසනීපයි වගේ දේවල්, කොහොම හරි මේ පුද්ගලය අම්මට කතා කරන්න නොදී හැම තිස්සෙම ඒක වලක්වනව,
මේ අතර තුර සෝම්නාත්ලගෙ ගෙදරට නෑදෑයො කට්ටියක් එනව, එයාල අහල තියෙනව එයාගෙ බිරිද කෝ කියල, එතකොට සෝම්නාත් කියල තියෙනව එයා දුව ගාවට ගියා කියල, ඒ කියන්නෙ ඩුබායි වලට, මේ අතරතුර එයාගෙ පුතා නිතර නිතර කෝල් කරල අම්ම ගැන අහල තියෙනව ඒත් එක අවස්තාවක් වත් එයා එක්ක කතා කරන්න හම්බෙලා නැහැ,
ඉතින් පුතාට මේ ගැන සැක හිතිල එයාගෙ මාම කෙනෙක්ට කෝල් කරල කියල තියෙනව, අම්මත් එක්ක දවස් විස්සකින් කතා කරන්න හම්බුනේ නැහැ, තාත්ත තමයි නිතරම ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ, අනිත් දේ තමයි එයා කෝල් ගන්න හැම නිතරම අම්ම එලියට ගියා, වැඩක් කරනව වගේ දේවල් තාත්ත කියනව, කියල.
ඒ වගේම එයා මාමට කියනව මේ ගැන ලොකු සැකයක් තියෙනව පුළුවන් නම් ගෙදරට ගිහින් ටිකක් බලන්න කියල, ඉතින් එයාගෙ මාම තව නෑදෑ දෙතුන් දෙනෙකුත් එක්ක සෝම්නාත්ලගෙ ගෙදරට යනව, සෝම්නාත් මේ පැමිනීම බලාපොරොත්තු වෙලා නැහැ, ඒවගේම නෑදෑ කාටවත් ඇතුලට එන්න දීල නැහැ,
මෙයා දොර ගාවටම වෙලා ඉදල නෑදෑයින්ට කියල තියෙනව බිරිද ගෙදර නැහැ එයා දුව ගාවට ඒ කියන්නෙ ඩුබායි වලට ගියා කියල, ඒත් නෑදෑයො දන්නව ඒ කාන්තාව ඩුබායි ගියෙ නෑ කියල, මොකද පුතා මාමට කෝල් කරල ඒ හැමදේම කියල තියෙනව, මේ ගෙදරට ගිය හැම කෙනෙක්ටම දැණුන දෙයක් තමයි මීයෙක් මැරුනම වගේ එන කුණු ගද,
සහ මේ පුද්ගලය සම්පුර්ණයෙන් දොර ඇරල නැහැ එලියට එද්දි, ඉතින් මේ ගද නිසා නෑදෑයො ඔක්කොටම ලොකු සැකයක් ඇති වෙනව, ඒ නිසා එයාල පොසියට ගිහින් මේ විස්තරේ පොලිසියට කියනව, ඊටපස්සෙ පොලිසියෙන් සෝම්නාත්ගෙ ගෙදරට යනව ගිහින් කතා කලත් සෝම්නාත් දොර අරින්නෙ නැහැ, පොලිසිය දොර කඩල මේ ගෙදරට ඇතුල් වෙනව,
පොලිසිය ගේ ඇතුලට ගියාම ගේ ඇතුලෙන් ලොකු ගදක් දැනෙනව, ඉතින් පොලීසිය ගේ පුරාම හොයන්න ගන්නව මේ ගද මොකක්ද කියල, ගේ පුරාම හෙව්වට පස්සෙ පොලීසිය හොයාගන්නව මේ ගද එන්නෙ ලොකු පෙට්ටියකින් කියල, පොලිසිය මේක ඇරල බලනකොට ඒක ඇතුලෙ ටිෆින් 22ක පොලිතින් වලින් ඔතපු මිණීමස් තමයි තිබිල තියෙන්නෙ,
පොලීසිය මේ පෙට්ටිය වහාම පරීක්ශණ කටයුතු වලට යවනව, ඒකෙන් හොයාගෙන තියෙනව මේ කපල තියෙන්නෙ සම්පුර්ණ මනුස්සෙක් බව සහ ඒ ශාරිරෙ කොටස් දෙකක් මෙතන අඩුයි කියල, එකක් මොලය අනිත් එක තමයි පෙණහලු, ඉතින් පොලිසිය හොයාගන්නව වයස අවු:71 ක් වෙන සෝම්නාත් එයාගෙ බිරිදව කෑලි තුන්සීයකට කපල මේකට දාල කියල,
පොලිසියට ප්‍රශ්න වැලක් එනව අවුරුදු 42ක් එකට හිටපු බිරිදට මෙහෙම දෙයක් කරේ ඇයි? එයාල අතර තිබුන ප්‍රශ්න මොනවද? ඉතින් පොලිසිය මේ ගැන හොයන්න ගන්නව, ඒ වගේම පොලිසිය හොයාගන්නව මේ කාන්තාව මරල තියෙන්නෙ 2013 ජූලි 03 වෙනිද කියල, ඒ වගේම එයාල දැනගන්නව ඔහු මේ ශරීර කොටස් ටික පදම් කරල කියල,
මොකද සාමාන්‍ය මල සිරුරක් දවස් විස්සක් තියෙද්දි අවට ප්‍රදේශයම ගද ගහනව, ඒත් සෝම්නාත්ගෙ කේස් එකේදි මේක වෙලා නැහැ, ඒ ගෙදර දොර අරිනකල් ඒ ගද ඇවිත් නැහැ, ඒ කියන්නෙ අර කොටස් තුන්සීයම ඒකට අවශ්‍ය කෙමිකල්ස් දාල හොදට පදම් කරල, පොලිසිය මේ ඝාතනයට භාවිත කරපු ආයුධ ඔක්කොම හොයාගන්නව,
සෝම්නාත් මේක දැනගෙන මේ කේස් එක වෙන පැත්තකට අරගෙන යන්න උත්සහ කරල තියෙනව, එයා පොරොන්දු වෙලා තියෙනව මේ ඝාතනය නොකරපු බවට, ඒත් සිරුර කෑලි තුන්සීයකට කපපු බව පිලි අරගෙන තියෙනව නමුත් මරණය එයා නොකරපු බව කියල තියෙනව, එයා පොලිසියට කියනව බිරිද Suicide කරගත්ත කියල,
ඒ වගේම එයා කියනව "බිරිදට දෙවියො ගැන ලොකු විශ්වාසයක් තිබ්බ, එයාගෙ ලොකු හීනයක් තිබ්බ මැරුණට පස්සෙ එයාගෙ ඇගේ හැම කොටසක්ම ඉංදියාවෙ තියෙන පූජණීය ස්තාන වල වලලන්න ඕන කියල, ඉතින් බිරිදගෙ මේ ආශාව මට හැම තිස්සෙම එයා කිය කිය ඉන්නව, මගෙ බිරිද Suicide කරගත්ත"
"ඉතින් මට තිබ්බ ආශාව තමයි එයාගෙ අන්තිම කැමැත්ත හරි ඉශ්ඨ කරන එක, ඉතින් මම බිරිදව කෑලි තුන්සීයකට කපල පැකට් කරල තිබ්බ එයාගෙ ආශාව ඉශ්ට කරන්න" කියල පොලිසියට කියනව, ඒ වගේම ඔහු කියනව එයාගෙ බිරිද "සායි බාබ" ගෙ ලොකු භක්තිකයෙක්, ඉතින් මම හිතාගෙන හිටියෙ ඒ කොටස් පූජණීය ස්තාන වල වලලලා,
ඉතිරි කොටස් ටික "ශ්‍රී රෙඩ්ඩි" වල පුච්චන්න කියල, ඉතින් මේ සදහා සුදුසුම දවස සායි බාබගෙ උපන්දිනේ දවස සහ මේ කොටස් ටික පදම් කටල තියාගෙන හිටියෙ ඒ දවස එනකල් කියල, පොලිසිය මේ කට උත්තරයෙන් පුදුම වෙනව, ඒත් පොලිසියට ඕන වෙනව මේක දිවි නසාගැනීමක් නෙමෙයි සෝම්නාත් කරපු ඝාතනයක් කියල ඔප්පු කරන්න,
මොකද එහෙම නොවුනොත් සෝම්නාත් උසාවියෙදි "the benefit of the doubt" කියන එකෙන් සෝම්නාත් බේරෙන්න පුළුවන්, එතනදි පොලිසියට තිබුන ලොකුම ප්‍රශ්නෙ කෑලි තුන්සීයක ශරීරයක් දිවි නසාගත්ත කියල හොයාගන්නෙ කොහොමද කියන එක, පොලීසිය මේ පරීක්ශණ තවත් දීර්ඝ කරනව,
ඒ නිසා රටවල් වල ඉන්න එයාගෙ ලමයි දෙන්නව අයෙම ඉංදියාවට ගෙන්නනව, ඒ වගේම සෝම්නාත් වැඩ කරපු හොස්පිට්ල් එකේ කට්ටියවයි එයාගෙ නෑදෑයින්වයි එයාගෙ අසල් වැසියොයි ඔක්කොම යොදාගෙන පොලීසිය පරීක්ශණ කරන්න පටන්ගන්නව, සෝම්නාත්ගෙ ගෙදර වැඩ කරන එක්කෙනා කියනව ජූලි 03 වෙනිද තමයි මෙයා මැරෙන්න ඇත්තෙ කියල,
ඒකට හේතුව විදියට එයා කියනව, මම සාමාන්‍යයෙන් මේ ගෙදරදි උයන්නෙ නැහැ ඒත් සෝම්නාත් මට එදා කිව්ව උයන්න කියල, ඒ වගේම සෝම්නාත් කිව්ව එයාගෙ බිරිද එයාගෙ දුව ගාවට ගියා කියල, ඒ වගේම හොස්පිට්ල් එකේ කට්ටිය කියනව සෝම්නාත්ගෙ උපන්දිනේ තිබුනෙ ජූලි 03 වෙනිදගෙන් පස්සෙ ඒ කියන්නෙ බිරිද මැරුනට පස්සෙ,
ඒත් සෝම්නාත් එදා එයාගෙ උපන්දිනේ සමරද්දි එයාගෙ මුහුනෙ කිසිම දුකක් තිබුනෙ නැහැ, එයා ගොඩක් සතුටෙන් එයාගෙ උපන්දිනේ සැමරුව කියල,
ඒ වගේම එයාගෙ ලමයි කියල තියෙනව සෝම්නාත් ඉක්මනින් තරහ යන කෙනෙක්, දවසක් එයාලගෙ අම්ම ටීවි බල බල ඉන්නකොට සෝම්නාත් ඇවිත් ටීවි එක පොලොවෙ ගැහුව කියලත් ලමයි කියනව,
අසල් වැසියනුත් කියන්නෙ සෝම්නාත් කියන්නෙ ඉක්මනින් තරහ යන කෙනෙක් කියල, ඒත් මේ කට උත්තර වලින් පොලීසියට උවමනා කරන දේ ලැබෙන්නෙ නැහැ, පොලිසියට ඕනෙ කරන්නෙ මේක දිවි නසාගැනීමක් නෙමෙයි කියල උසාවියට ඔප්පු කරන්න, ඉතින් මේකට ඕන කරන උත්තර ටික පොලිසියට කාලෙකට පස්සෙ හෙමින් හෙමින් ලැබෙන්න ගන්නව,
එතනින් පලවෙනි එක තමයි, මේ කාන්තාව මරපු ආයුධය,
දෙවනි එක තමයි මේ ශරීර කොටස් වල චූටි චූටි තුවාල තිබිල තියෙනව,
ඒ වගේම තුන්වෙනි එක තමයි පොලීසිය හොයාගන්නව මේක සැලසුම් කරල කරපු මිණී මැරුමක් කියල, එහෙම කියන්න හේතුව තමයි පොලිසියට හම්බෙනව තව එක ශාක්ශියක්,
ඒ තමයි මේ සෝම්නාත්ගෙ කාර් එක මීට කලින් A/C කරල තිබිල නැහැ, ඒත් මේ කාන්තාව මැරෙන්න සතියකට කලින් සෝම්නාත් කාර් එක ඒ සී කරල තියෙනව, ඉතින් සෝම්නාත් කාර් එක ඒ සී කරල තියෙන්නෙ බිරිදව මරල කෑලි තින්සීයකට කැපුවට පස්සෙ එයා කාර් එකෙන් යනකොට ඒ කොටස් වල ගද නොදැනෙන්න කියලයි පොලිසිය කියන්නෙ,
ඉතින් පොලිසිය උසාවියට මේ ඔක්කොම ඉදිරිපත් කරනව, මේ සාක්ශි තුනට අමතරව තව ශාක්ශි දහ අටක් උසාවියට ඉදිරිපත් කලත් උසාවිය තීරණය කරනව සෝම්නාත් තමයි එයාව බිරිදව මැරුවෙ කියල, ඒත් අද වෙනකල් එයාව මරන්න හේතුව මොකක්ද කියල හොයාගන්න ලැබිල නැහැ,
2013 සිද්ද වුනු මේ සිද්දියට උසාවි නොයෝගය ලැබිල තියෙන්නෙ 2020 අවුරුද්දෙ, ඒ තීන්දුව තමයි ජීවිතාන්තය දක්වා සිර දඩුවම, නිමි.
You can follow @Geeth__R.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: