#ThursdayBirds
#MyPhotography
අද බ්‍රහස්පතින්දා... ඒක නිසා මෙක මේ විදියට පටන් ගත්තට... මේ සිදුවීම් පෙළ ඉරිදා (20) තමයි වුණේ.... ඒ වගේම ඒ දේවල් #BOOKFAIR2020 එකත් එක්කත් ගොඩක් සම්බන්ධයි... COVID-19 නිසා නැවතුන මගේ දුම්රිය ගමන් නැවත ඇරඹුණේ එදා...
#MyPhotography
අද බ්‍රහස්පතින්දා... ඒක නිසා මෙක මේ විදියට පටන් ගත්තට... මේ සිදුවීම් පෙළ ඉරිදා (20) තමයි වුණේ.... ඒ වගේම ඒ දේවල් #BOOKFAIR2020 එකත් එක්කත් ගොඩක් සම්බන්ධයි... COVID-19 නිසා නැවතුන මගේ දුම්රිය ගමන් නැවත ඇරඹුණේ එදා...
එදා දවසට සැලකිය යුතු තරමෙ සැලැස්මකුත් එක්කයි මම ඇතුල්වුණේ....පොත් ප්‍රදර්ශනය ගැන හිත හිත station එකේ හ්ටියත් අහම්බෙන් ආපු කුරුල්ලො නිසා photo ටිකක් ගන්න හිතුනා.
කලින් දවසෙ ඉඳන්ම හිත හිත හිටියේ #BOOKFAIR2020 එකේ සෞඛ්‍යාරක්ෂිත වැඩපිළිවෙල කොහොම ක්‍රියාත්මක වෙයිද කියලා කියලා. ඒත් මම හිතුවට වඩා ගොඩක් සතුටුදායක විදියට මිනිස්සු එ් දේවල්වලට අයනත වෙලා හිටියා... ඒත් තදබදයක් තිබුණ තැනුත් නොතිබුණාම නෙවෙයි...
TICKET ගන්න තැන ඉඳන්ම යම් සංයමයක් මිනිස්සු තුල තිබුණා. වෙනදා වගේම මුලින්ම මම කළේ "කැටපත් පවුරට" ගිහිල්ලා මගේ කවියක් සටහන් කරන එක... ඒ ගැන කියද්දි යම් කණගාටුවක් ඇතිවුණා සංවිධායකයන් ගැන. මෙවර කවි ලියන්න මේසයක් වත් තිබුණෙ නැහැ එතන. කවි එකතු කරන අයියත් හිටියෙ ඒ ගැන දුකෙන්....
#BOOKFAIR2020 එකෙන් නොමිලේම ගන්න පුළුවන් පොත් කිහිපයත් ප්‍රධාන කාර්යාලයෙන් ලබාගත්තා. ඒ වගේම අදාල ප්‍රකාශන ආයතන ස්ථානගත වෙච්ච සිතියමත් එදා දවසට ලොකු උදව්වක් වුණා. එකම අපහසුතාවය අපි ගන්න ඉන්න පොතේ නම මතක තියන් ගියාට අපිට ඒ පොත කුමන ප්‍රකාශන ආයතනයේ පොතක්ද කියලා මතක තියෙන්නෙ නැති එක.
PLAN එකක් හදාගෙන ගිය නිසා සැරින් සැරේ ඒක බල බල කරන්න තියෙන දේවල් මතක් කරගන්න පුළුවන් වුණා. ඇත්තටම සැලසුම් කරද්දිත් අමතක වෙච්ච BARGAIN BOOK STORES පැත්තට ඉබේම වගේ ඇදිලා ගියත් මට හිතට අල්ලන පොතක් තෝරගන්න ඒ පැත්තෙ තිබුණ තදබදය යම් බාධාවක් වුණා.
2005 ඉඳන්ම නොකඩවා මම මිලදී ගත්ත GO magazine එක කොරෝනාවත් එක්කම ගන්න බැරිවෙලා ගිය... ඉතින් විජය පුවත්පත් සමාගමේ කුටියටත් ගියේ, මගහැරුණු සඟරා කිහිපය මිලදී ගන්න... ඒත් එහිදී මට දැනගන්න ලැබුණා 2020 මාර්තු කලාපයෙන් පසු ඒ අය තවම සඟරාවක් නිකුත් කරලා නැහැ කියලා...

කාංචනා @moogater සහෝදරීගෙ පොත සයුර ප්‍රකාශක කුටියෙන් මිදී ගනිදදි ලැබුණ මේ සිහිවටනය පොතක් එක්ක සාමාන්‍යයෙන් ලැබෙන්නෙ නැති දෙයක්. දෙවෙනි වතාවටත් ඒ කුටිය පැත්තෙන් යද්දි එතැනදි කාංචනා සොයුරියවත් @Lovely_Paba සහෝදරීවත් අහම්බෙන් වගේ මට මුණගැහුණා.
කවි පොත් තිබුණ කොටසෙදි සුපුරුදු පරිදි මස්ඉඹුල සර්වත් මට මුණගැහුනා. මම mask එකක් දාලා ඉන්නකොටත් සර් මාව අඳුනගෙන "කොහොමද දරුවෝ" කියලා ඇහුවම මට සතුටු හිතුනා. පහුගිය කාලෙ සර්ව කිහිපවතාවක් මුණගැහුණ නිසා සර්ට යම් මතකයක් තියෙන්න ඇති.
ඒවගේම මම සම්බන්ධීකරණය කරන මොරටුව කලා එකමුතුවේ පොත් හවුලේ වර්ෂ පූර්ණ සිහිවටන පත් මස්ඉඹුල සර්ටත්, කැලුම් වැලිගම සහෝදරයාටත් ලාබාදුන්නා. ඔවුන් ඒවා ගොඩක් සතුටින් බාරගත්තා. ඒ ඒ රැස්වීම්වලදි ඔවුන්ට ලැබුණ අත්දැකීම් මේ සිහිවටන පත් නිසා අලුත් වෙන්න ඇති කියලා මට හිතුනා.
මට මුණගැහුන ලේඛක ලේඛිකාවන්ගෙන් සමරු සටහන්ද ලබා ගන්න මට හැකි වුණා. ඇත්තටම සැලසුම් කරගෙන නම් ගියේ ලේඛක ලේඛිකාවන් තුන්දෙනෙක් මුණගැහෙන්න. ඒ අතරෙ @moogater සහෝදරී "අප්‍රකාශිත ප්‍රේමය" ග්‍රන්ථයේ ලේඛිකාව තිලිනිවත් මට හඳුන්වා දුන්නා...
කලිනුත් සඳහන් කරපු විදියට මෙවර සෞඛ්‍යය ගැන යම් අමතර සැළකිල්ලක් #BOOKFAIR2020 එකේ තිබුණා. නෙස්ලේ ආයතනයේ ප්‍රවර්ධන වැඩසටහනකට සමගාමීව මට මගේ උස, බර, උසට සරිලන බරේ අගය සහ රුධිර පීඩනය වැනි දේවල් වගේම, එම සරල කාරණාවලට අදාලව යම් යම් වෛද්‍ය උපදෙස් කිහිපයකුත් නොමිලේ ලබාගන්න හැකියාව ලැබුණා
මේ දෙවල් ඔක්කොම කරද්දි ටික ටික හවස්වුණා. කුසගින්න සංසිඳවා ගන්නත් #BOOKFAIR2020 භූමියේ ඕනෑතරම් කුටි තිබුණා. ඒ වගේම කසල බහලන සහ දෑත් සෝදාගැනීමට පහසුකමුත් නොඅඩුව තිබුණා. ප්‍රදර්ශන බිමෙන් පිටවෙන්න තිබුණෙ තවත් දේශීය කර්මාන්තකරුවන්ගෙ ප්‍රදර්ශනයක් මැදින් වීමත් මෙවර මම දැකපු විශේෂත්වයක්.
සැලසුම බොහෝදුරට සාර්ථක වුණා. සැලසුම්වලට ඔබ්බෙත් පොතුත් ගත්තා. දැන් තියෙන්නෙ ඊළඟ කාර්යය. පොතක් මිලදීගන්න එක එක් ආකාරයකට අවදානම් සහගත දෙයක්. ගොඩක් වෙලාවට මේ පොත් හොඳ ඇති කියන අනුමානයෙන් තමයි මම පොත් ගත්තෙ. ඉතින් ඒවා ඒ ආකාරයෙන්ම මගේ හිතට අල්ලන පොත් වෙනවා දැකීම මගේ ප්‍රාර්ථනයයි. 


@DpHarischandra @ImalraM @Spacewalkerlive @RakzzMaduOnline @Sheha_Era @SaMpAtH34753881 @AiyaGune @im_PATHUM @QzNuwanthi @amashani_herath @Sumedamaduranga @jerome_renald
@_ivon_silva thanks a lot for supporting this thread my dear friends....
@_ivon_silva thanks a lot for supporting this thread my dear friends....
@Sashini_Diwani @CookKaushi @aparekkavoice @_tharindi_ @Akila27kandy @accioaccount thanks a lot for supporting this thread my dear friends....
@srimal_leitan @Wimukthi187 @D3Wanniarachchi @MM39387704 thanks a lot for supporting this thread my dear friends....
@DulanAsiri @Harindu_pojja_ thanks a lot for supporting this thread my dear friends....
@nipuna__d @ThilinaPrasang4 thanks for supporting this thread my dear brothers...
@Nimsidk thanks for dupporting this thread dear sister..
@sanduni_apsara @Rajitha_twitt thanks for supporting this thread dear friends..
@NuwanthiMS thanks a lot for supporting this thread dear sister...