මේක ලියන්න හිතුවේ ගල්කිස්සේ වැලි පුරවලා ඒක හේදිලා ගිහින් තියෙන එකේ විද්‍යාත්මක පැතිකඩ පොඩ්ඩක් පෙන්නලා දෙන්න.
ශ්‍රී ලංකාව කියන්නේ සාගරය වටකරගත් රටක්. ඒ වගේම ස්වභාවිකව ඉතා මනරම් වෙරළ තීරයකටත් හිමිකම් කියන රටක්. සංචාරක ආකර්ෂණයටත් ප්‍රභල සාධකයක් මේ වෙරළතීරය.
වැලි ඇයි මෙහෙම හේදිලා යන්නේ? අලුතින් වැලි පුරවන්න පුලුවන්ද? මෙවැනි ප්‍රශ්න රාශියක් මතුවෙනවා ඇති. සාගර විද්‍යාව ගැන කතාකරද්දි එන එක සිද්ධාන්තයක් තමයි වෙරලතීරයේ වැලි මත සිදුවන Littoral Drift/Lingshore drift නම් සංසිද්ධිය. වෙරළතීරයේ ඇති එක් වැලි කැටයක් ගැන සිතන්න.
මුහුදු රළ සමග මෙම වැලිකැටය නිසලව පවතින්නේ නෑ. මුහුදු රළ (Longshore current) නිසා මේ වැලි කැටයත් චලනය වෙනවා. මේ වැලි කැටය චලනය වන ආකාරය නිරික්ෂණය කරලා තියෙනවා. පහත රූපයේ පරිදි මේ වැලිකැට ගමන් කරන්නේ zig-zag ආකාරයට. එමනිසා වැලිකටයේ විස්ථාපනය සැලකුවහම එය වෙරළ තීරය දිගේ ගමන් කරනවා.
හිතන්න වැලි කැට බිලියන ගානක් ඇති වෙරල තීරය ගැන. වැලි කැට බිලියන ගානක් චලනයේ යෙදෙනවා. සොබාදහමේ අපූරු සංසිද්ධියක්. මේකත් එක්ක ඊටපස්සේ සිදුවන මිනිස් ක්‍රියාකාරකම් බලමු. මිනිසාට වෙරළ තීරයක් කෘතිමව නිර්මාණය කරගැනීමට අවශ්‍ය වෙනවා. මෙයට හොඳම උදාහරණය තමා Port City එක.
ඉතින් මොකද කරන්නේ? මුහුදු තීරයේ බාධකයක් නිර්මාණය කරනවා. පහත රූපයේ තියෙන්නේ මෙහෙම බාධකයක් නිර්මාණය කරාම සිදුවෙන දේ. Longshore Drift නිසා විස්ථාපනය වන වැලිකැට කාලයාගේ ඈවමෙන් බාධකයේ එක් පසකින් එකතුවන්න ගන්නවා. බාධකයේ අනෙක් පසින් වැලි කැට විස්ථාපනය වී ඛාදනයක් හටගන්නවා.
මෙය ශ්‍රී ලංකාවේ වෙරල තීරයේ සිදුවී ඇති ඉදිරියටත් සිදුවන කරුණක්. ඊටපස්සේ මන් එන්නන් වැලි පිරවීමට. මෙය Sand Nourishment නමින් හඳුන්වනවා. වෙරළ තීරය ආරක්ෂා කරගැනීමේ එක් උපාය මාර්ගයක් ලෙස මෙය හැඳින්විය හැකියි. මෙවැනි ව්‍යාපෘතියක් කිරීමට විශාල පිරිවැයක් වැයවෙනවා.
එහෙත් වෙරළ තීරයේ මනරම්බව ආරක්ෂා වීම, පෞරාණික වටිනාකම, සංචාරක ආකර්ෂණය වැනි කරුණු සැලකිල්ලට ගෙන වෙරල තීරයක් ආරක්ෂා කිරීමට මෙවැනි ව්‍යාපෘතියකයට යා හැකියි. එහෙත් මෙවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පෙර ඉතාමත් හොඳ ශක්‍යතා අධ්‍යනයක් කල යුතුයි.
මෙවැනි ව්‍යාපෘතියක සාර්ථකත්වයට මන් කලින් සඳහන් කල Longshore drift හි බලපෑම ඔබට තේරෙනවා ඇති. වැලි අංශුවල ස්වභාවය, beach profile එකේ පිහිටීම වැනි කරුණුත් මෙවැනි ව්‍යාපෘතියක සාර්ථකත්වයට බලපානවා.
ගල්කිස්සේ වෙරළ ඛාදනයට මා සඳහන් කළ හේතු වීමට හෝ නොවීමට පුළුවන්. වැරැද්ද වීමට මූල බීජය සොයා නිසි පිලියම් යෙදීම කල යුතු වෙනවා. මන්ද විනාශ වන්නේ ජන්තාවගේ මුදල් බැවිනි. මෙතනින් මේ thread එක අවසාන කරනවා. ලිපියේ ගුණදොස් reply කරන මෙන් ඉල්ලා සිටිනවා.
You can follow @SambolaMan.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: