පහුගිය ඉරිදා “අරුණ” කියන පත්තර කඩමාල්ලෙ මෙහෙම දාල තිබ්බා. (Photo from @EthicsEye Facebook page)
ගේ අස්සටම ඇවිල්ල බැලුව වගේ ලියල තියෙන ලස්සන!

තමන් අයත් නොවෙන ආගමික කණ්ඩායමකට අයිති මිනිස්සුන්ට ආගමිකව - සංස්කෘතිකව - විශේෂයෙන්ම ආධ්‍යාත්මිකව වැදගත් කාලයක් ගැන මේ විදියට ලියන්න තරම් අමුතුම විදිහේ තෙලක්, මොන තරම් වෛරයක්, නොදැනුම්වත්කමක් තියෙන්න ඕනද?
මේක ලියපු එකා ගැන මම දන්නෙ නෑ, දැනගන්න ඕනත් නෑ. ලිවිල්ලෙන් මැනගන්න පුළුවන් මිනිහගෙ හැටි.

හැබැයි මට තියෙන බරපතලම අවුල, මෙහෙව් බලු නොවටින ලියවිලි ලංකාවෙ ජාතික පත්‍තරේක ප්‍රධාන / උප / නියෝජ්‍ය / විශේෂාංග / ප්‍රවෘත්ති කර්තෘ කෙනෙක් පත්තරේ පළකරන්න සුදුසුයි කියල අනුමත කරපු එක.
ඒත් එක්කම, ආණ්ඩුවෙ පුද්ගලික ලොන්ඩරියකින් මෙහෙම දෙයක් පළකරන එක ගැන මම කිසිම විදිහකින් පුදුම වෙන්නෙත් නෑ, විශේෂයෙන්ම උන්ගෙ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය සහෝදරයො හැසිරෙන හැටි දැකල තියෙන නිසා. නමුත් ඔබ හිතනව නම් මේක එයාලගෙ දේශපාලනය නිසා විතරක් කරන/වෙන දෙයක් කියලා, ඒක සම්පූර්ණ වැරදි චිත්‍රයක්.
මේ තමයි ලංකාවෙ සිංහල මාධ්‍ය ධාරාවෙ බහුතරයකගෙ චින්තනය. මොකක්හරි අපරාධයකට අල්ලපු සැකකරුවෙක් මුස්ලිම් / දෙමළ නම්, සිද්ධියට කිසිම අදාළ බවක් නැති වුණත් ඒ මිනිහගෙ නම එක්ක ආගම, ජාතියත් බොහෝ අවස්ථාවල දි හෙළිකරන වාර්තාව ලියන එක සිංහල පුවත්පත්වල පුරුද්දක්. ඒත් ඒ අපරාධය කරල තියෙන්නෙ සිංහල
කෙනෙක් බවට සැක නම් පත්තරේ වැටෙන්නෙ නම විතරයි, සමහරවිට ඒකත් නෑ. මේකෙන් කියන්නෙ අදාළ අපරාධ සැකකරු සිංහල නම් ආගම, ජාතිය දාන්න කියල නෙවෙයි. අපරාධයක් වෙන්නෙ මනුස්සයෙක්ගෙන් තව මනුස්සයෙකුට/යන්ට/සතෙකුට නිසා ඒ සැකකාරයගෙ ආගම/ජාතිය ගාවගන්න එපා, තේරුමක් නෑ කියලයි මේ කියන්නෙ. මේකෙන් සාමාන්‍ය
මිනිස්සුන්ට බලපෑමක් නෑ කියන්න බැහැ. ලංකාවට කුඩු ගේන්නෙ, කුඩු විකුණන්නෙ සහ කුඩු වැඩියෙන්ම ගහන්නෙත් මුස්ලිම් මිනිස්සු කියල සාමාන්‍ය මතවාදයක් සමාජයෙ තියෙනවා නම් ඒකට මූලබීජය පත්තර. "යුද ජයග්‍රහණය" නිසා 2011 අගභාගය වෙනකම්ම වගේ යටපත් වෙලා තිබුණු මුස්ලිම්-විරෝධී ආකල්ප ආපහු පණගහල එන්නෙ
මේ කියන yellow journalism / sensationalist reporting trend එක නිසාම තමයි. එහෙම පැළකරපු මතවාද තමයි දැන් මහ රූස්ස ගස් වෙලා රටටම බරපතල ඇණයක් වෙලා තියෙන්නෙ. මදිවට Online news consuming culture එකක් හැදුණට පස්සෙ බහුතරයක් අය article headline එක විතරක් බලල story එක judge කරන තැනට එනවා.
උන් දන්නෙ නෑ ඒ clickbait කියලා. අන්තිමට වැඩකට ඇති දෙයක් ඉගෙනගෙනත් නෑ - මනුස්සකමේ කෑල්ලකුත් නෑ. ගොඩක් website කරන අයට තියෙන්නෙ hits වලින් earn කරන චේතනාව විතරයි.
පොඩ්ඩක් out ගියා. ආපහු මාතෘකාවට ආවොත්, කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් දැන් ඔය මාධ්‍ය සදාචාර කඩකිරීම ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න බැරි ද කියලා. පුවත්පත් පැමිණිලි කොමිසම තියෙනවා - එයාලත් එක්ක පුවත්පත් කර්තෘවරුන්ගේ සංසදයෙන් එළිදක්වපු ආචාරධර්ම සංග්‍රහයක් තියෙනවා.
ඒ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආචාරධර්ම සංග්‍රහය. නමුත් ඒක ස්වේච්ඡාවෙන්ම අනුගමනය කළ යුතු එකක් මිස නීතියෙන් බලපෑමක් ඇති ලේඛනයක් නෙවෙයි. කවුරුහරි හිතනවා නම් මාධ්‍ය ආචාරධර්ම කඩ වෙලා කියලා පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිල්ලක් කළොත් ඒක විභාග කරලා, වැරැද්දක් ඔප්පු වුණොත් "අවවාද" කරනවා.
සමහර ජනමාධ්‍යවේදියො පුවත්පත් පැමිණිලි කොමිසමෙන් notices ආවම තමන්ගෙ වැරැද්ද පිළිඅරන්, අවශ්‍ය නම් සමාව ඉල්ලල පත්‍තරේම නිවැරදි කිරීම් පළකරනවා. සමහරු තුට්ටුවකට ගණන් ගන්නෙ නෑ - මොකද ඒවා අනුගමනය කළා නොකළා කියලා නීතිමය repercussions නැති නිසා.
තව තියෙනවා පුවත්පත් මණ්ඩලය (Press Council) - පනතක් මගින් ස්ථාපනය කරපු රාජ්‍ය ආයතනයක්. යම් ජනමාධ්‍යවේදියෙක්ට එරෙහිව ඇති ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනා පුවත්පත් මණ්ඩලය විසින් නඩු විභාග කරල ඔප්පු වුණාම වසර දෙකකට නොවැඩි සිරදඬුවම් සහ/හෝ දඩ මුදල් ගෙවන්න නියෝග කරන්න ඔවුන්ට බලය තියෙනවා.
මොන ආණ්ඩුව බලයේ සිටියත්, ඒ ආණ්ඩුවට පක්ෂපාතී සහ පක්ෂපාතී නොවන ජනමාධ්‍යවේදියො දෙවර්ගෙම මේ press council එකට තදබල විදිහට විරුද්ධයි. ඒ නිසා දන්න කාලෙක ඉඳලම Press Council එක ක්‍රියාත්මක තත්ත්වයේ නෑ. පහුගිය ආණ්ඩුව 2015 දි මේක බලාත්මක කරන්න උත්සාහ කළත්, විරෝධතා නිසා අකුළගන්න සිද්ධ වුණා.
නැවතත් "අපරාධ සැකකරුවන්ගේ නම/ආගම/ජාතිය සඳහන් කිරීම" කියන මාධ්‍ය ආචාරධර්ම කඩකිරීම පිළිබඳ point එකට ආවොත්, නීතියේ මූලික සිද්ධාන්තයක් වෙන presumption of innocence i. e. Innocent until proven guilty කියන සංකල්පය,
තේරෙන සිංහලෙන් කිව්වොත් "පුද්ගලයෙකු වරදක් කළ බවට අධිකරණයේ ඔප්පු වන තාක් ඔහු/ඇය නිර්දෝෂී බවට සැලකිය යුතුය" හෙවත් "නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය" ඔය පුරුද්ද නිසා බරපතල විදිහට උල්ලංඝනය වෙනවා. ඒ නිසා සැකකරුවෙක් විදිහට අල්ලගත්ත මනුස්සයෙකුගෙ නම විතරක් දැම්ම වුණත්, ඒක වැරදියි (මට අනුව).
මොකද කිව්වොත්, අපේ සමාජයෙ සාතිශය බහුතරයක් ඉන්නෙ initial impression එක මත තීරණ ගන්න මිනිස්සු. නඩු කටයුතු අවුරුදු ගණං ඇදිල ඉවර වෙනකම් බලං ඉන්න වටේපිටේ ඉන්න මිනිස්සුන්ට නිවනක් නෑ, ඒ නිසා initial impression එකත් එක්ක they move on. අන්තිමට නඩුවෙන් නිදොස් වෙලා, නැත්නම් නිදහස් වෙලා අර
සැකකාරයා කියල හඳුන්වපු මනුස්සයා ආපහු ගෙදර එනකොට මුළු සමාජයම පාහේ ඒ මනුස්සයාව වැරදිකාරයා කරල ඉවරයි.

තව එකක් - අර කියපු මාධ්‍යවේදීන්ගේ ආචාරධර්ම සංග්‍රහය පුවත්පත්වලට විතරක් අදාළ කරගත යුතු/හැකි එකක් නෙවෙයි. ඒක සියල්ලන්ටම පොදුවේ apply කරන්න පුළුවන් විදිහට හදල තියෙන්නෙ.
උඩ tweet එකේ උඩින්ම කියපු දේට ලංකාවෙන් දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි 2014 ජූනි 15 වැනි දා අළුත්ගම "සිද්ධිය". ස්වාමීන් වහන්සේ නමකට මුස්ලිම් කොල්ලො තුන්දෙනෙක් පහර දුන්නා කියලා දරුණු නාට්‍ය සංදර්ශනයක් කාගෙ හෝ වුවමනාවකට ක්‍රියාත්මක වුණා. ඒක පත්තරවල් වාර්තා වුණාම එතකොටත් peak එකේ
හිටපු බොබසේ scene එකට enter වුණා. මාධ්‍යවලිනුත් හාමුදුරුනමකට මුස්ලිම් කොල්ලෝ ගැහුවා කියන එක උපරිමයෙන්ම උළුප්පලා පෙන්නලා, ඒකෙ උච්චතම
තැනට එද්දි අළුත්ගම දවස් 3ක් තිස්සෙ පත්තු වුණා. Instant, ad-hoc justice https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="🤷🏽‍♂️" title="Man shrugging (medium skin tone)" aria-label="Emoji: Man shrugging (medium skin tone)"> - නීතියට ඉඩ නොදී, කැලෑ නීතිය apply කරලා හදිසියේ යුක්තිය ඉටුකළාම එහෙම තමයි.
You can follow @ShammasGhouse.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: