American History X
වර්ෂ 1999 ඇකඩමි සම්මාන උළෙලේ දී, ප්‍රධාන භූමිකාවක රංග ප්‍රතිභාව වෙනුවෙන් නළුවෙක්ට පිදෙන සම්මානය සඳහා ඒ වෙනකො⁣ට වයස යන්තම් අවුරුදු 30ක් විතර වුණු තරුණ නළුවෙක් සුදුසුකම් ලබනවා. ඒ Edward Nortan. The Illusionist බලපු අයට Norton කව්ද කියල කියන්න ඕන නෑ නෙ.
සම්මානයට නිර්දේශ වෙන්නේ American History X නම් චිත්‍රපටයේ ඔහුගේ රංගකාර්යය වෙනුවෙන්. නමුත් විශේෂත්වය තමයි මේ චිත්‍රපටය එම වසරේ වෙනත් කිසිම අංශයකින් නිර්දේශ වෙන්නෙ නැති එක. හැබැයි Norton විතරක් සම්මානයට නිර්දේශ වුණු මේ චිත්‍රපටය ගැන අදටත් ඇමරිකාවේ විතරක් නෙවෙයි, ලෝකෙ ම කතා වෙනවා.
ඒකට හේතුව, American History X තුළ කියවෙන්නේ වර්ගවාදය සම්බන්ධයෙන් ඕනෑම සමාජයක ඊයේ අද සහ හෙට කතාව වීම නිසයි.
"නාසිවාදය" ගැන අහල ඇතිනේ. විද්‍යාත්මක ජාතිවාදයෙන් පෝෂණය ලබමින් ජර්මානු ආර්ය ජාතිය ලොව උසස් ම ජාතිය වශයෙන් දක්වමින් ඇඩොල්ෆ් හිට්ලර් විසින් ක්‍රියාත්මක කරන ලද යුදෙව් සංහාරයේ ගිනි දළු දෙවැනි ලෝක යුද්ධයේ නිමාවත් සමඟ නිවී ගියත් අළු යට සැඟවුණු ගිනි පුපුරු අදටත් විටින් විට මතු වෙනවා.
නාසිවාදයෙන් විකාශනය වුණු Neo Nazism කියන්නේ නාසිවාදයේ තියෙන අදහස් හා ආකල්ප අභිප්‍රේරණය මගින් සුළු ජාතික ජන කොටස් පීඩාවට පත් කරමින් ෆැසිස්ට්වාදී දේශපාලන මුහුණුවරක් නිර්මාණය කිරීමේ අරමුණක් සහිත දේශපාලන දර්ශනයක්.
හරි! දැන් පසුබිම හරි. ආයෙත් චිත්‍රපටයට යමු. American History X කතාවට පදනම වෙන්නේ Neo Nazism විශ්වාස කරන සුදු ජාතික තරුණ ව්‍යාපාරයක නියමු චරිතය වටේ. ඒ තමයි අපේ කතා නායකයා, Derek Vineyard.
කතාව ඇතු⁣ලේ Derek ගේ චරිතය නොයෙක් විපර්යාස වලට මුහුණ දෙනවා. වර්ගවාදී ideology එකක් විශ්වාස කරන තැනට ඔහුව පත් කරන වටපිටාව, පවුල සිද්ධි දාමයන් රැසක් flash backs විදිහට චිත්‍රපටය තුළ අඩංගුයි. කළු ජාතික තරුණයින් දෙදෙනෙකුගේ ඝාතනය වෙනුවෙන් Derek සිරගත වෙනවා.
කොටින් ම ඒ ගැන ඔහුට අංශුවකවත් පසුතැවීමක් නෑ. Derek ඇතුළු කණ්ඩායම සුදු හම උත්තරීතරයි කියන සංකල්පයෙ තදින් ම ඉන්නවා. සිරගත වුණු Derek අනෙක් තරුණ තරුණියන් ට වීරයෙක්. කොටින් ම ඔහුගෙ බාල සහෝදරයාට පවා.
සිර මැදිරියෙන් පිට Derek වීරයෙක් වෙනකොට සිර ගෙදරදී ඔහුට විඳින්න වෙන්නේ තනිකර ම වෙනස් අත්දැකීම් ගොඩකට. සුදු ජාතිකයින් සහ කළු ජාතිකයින් කල්ලි ගැහිල ඉන්න සිරගෙදරදී ඔහු නිසඟයෙන් ම එකතු වෙන්නේ සුද්දන් එක්ක. ඒ වගේමයි ඔහුගෙ තියන අන්තවාදී අදහස් නිසා කල්ලන් එක්ක කිසිම ගණුදෙනුවකට කැමති නෑ.
නමුත් සිරගෙදර නීතය වෙනත් එකක්. පිටට පේන්න වෙනම කල්ලි ගැහුණු සුද්දන් සහ කල්ලන් අත යටින් කරන මත්කුඩු ගණුදෙනු ඔහු ඇස් දෙකෙන් දකිනවා. මේකට එල්ල කරන තදබල විරෝධය අවසානයේ කෙලවර වෙන්නේ ඔහු නාන කාමරයේදී ලිංගික අතවරයන්ට පවා ලක් වීමෙන්.
අවසානයේ ඔහු කල්ලෙකුත් නොවන, සුද්දෙකුත් නොවන තත්වයකට පත් වෙනවා. උසස් පාසලේ දී ඔහු ගැන ඉහල බලාපොරොත්තු තියපු කළු ජාතික ගුරුවරයෙක් විසින් අවුරුදු තුනකට පස්සෙ හිරෙන් නිදහස් වෙන්න පොටක් හොයල දෙනව.
හිරෙන් නිදහස් වුණු Derek සමාජයට ⁣එන්නෙ වෙනස් ම පුද්ගලයෙක් විදිහ⁣ට. ඔහු තමන්ගෙ දේශපාලන කල්ලිය⁣ට ආයුබෝවන් කියනවා. තමන්ගේ සහෝදරයා සහ පවුල රැකගන්න තීරණය කරනවා. නමුත් ඒ වන විටත් ඔහු ගොඩනගපු කල්ලිවාදය ඔහුගේ පාලනයෙන් ගිලිහී අවසන්
Derek ගෙ වටපිටාවේ කළු- සුදු කල්ලිවාදය කොයිතරම් දුරට ඔඩු දුවලද තියනව නම් අවසානයේ එක් පුංචි රවා බැලීමක් සහ බහින්බස් වීමක් පිලිබඳ Mike (Derek ගෙ බාල සහෝදරයා) ගෙන් පලිගන්නේ කළු ජාතික සිසුවෙක් පාසල් නාන කාමරය තුළදී Mike ව වෙඩි තබා මරා දැමීමෙන්
කල්ලි වාදය සහ වර්ග වාදය පෝෂණය කරවීමේ අවසානයේ සියළු දේ පාලනයෙන් ගිලිහී යාම සම්බන්ධයෙන් දරුණු කනේ පහරක් American History X. ඒ නිසයි මේ චිත්‍රපටය සර්වකාලීන වෙන්නේ. හොයාගෙන බැලුවට පාඩු නෑ.
You can follow @Haenaa__.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: