හැමදාම ත්‍රෙඩ් එකක් දාන එකක් ගැන කිය කිය හිටියට කරන්න බැරි උනා නෙහ්...
මං අද දානවා මගේ බැංකු ජීවිතේ මම දැකපු දේවල් ගැන..
ඕන්න ඉතින් අපි A/L කරලා යුනි යන්න බැරිවෙලා ආයෙමත් A/L කරලා ඉන්න කොට..බැංකුවට ඉල්ලලා දාල තිබ්බ් ඇඩ් එකක්. අපේ නැන්දයි මාමයි බැංකුවේ උනු හින්දා ඒ දෙන්නට ළමයි
නැති හින්දා මාව තමා අහු උනේ බැංකුවට යන්න..ඉතින් උදේ හවා application දැම්මද කිය කිය අහනවා.තාත්තත් ඉතින් කැමති ආණ්ඩුව්ව් බැංකුව හින්ද..අපෙ අම්මා ඔයාට හොඳ නං ඕන එකක් මතේ ඉන්නෙ (දන්නෝ දනිති අපෙ මල්ලිගෙ රස්සා මාරුව)

මට රස්සාව ලැබුනු විදිහෙ රස කතාවක් තියේ ඒක ඕන කෙනෙක් වෙනම අහන්න
ඉතින් බැංකුවට ගිහාම හප්පා නාකි සෙට් එකක් තමා ඉන්නෙ..උපරිම 35 ට වැඩි..මට වයස 21යි..
අර කට්ටිය හිටියෙ ඉතින් දෙන්නං උඹලට මූඩ් එකේ..ඔන්න ඉතින් අපි අර ඉස්කෝල මානසිකත්වයෙන් එලියට එන්නෙ මෙතනදි..අපි ඉස්කෝලෙ ඉන්නකොට ශා ඔක්කොම කට්ටිය හොඳයි විහිලු කියන හරි ශෝක් උනාට රස්සාවෙ එහෙම නෑ
මුලදි ගිහාම ඉතින් ගොනා වගේ කියන කියන එක කරනවා..හැබැයි එහෙම කරපු එකෙන් අපි ඉගෙන ගත්තා ගොඩක්..අපි එකට එක කියන්න ගියෙ නෑ මොකද ඒ මිනිස්සු අපිට වඩා කට්ට කාපු උදවිය..අපි එන්නෙ තාක්ෂනේ එක්ක. හැබැයි මට හම්බුන ඔෆිසර් මරු! ඔක්කොම වැඩ කියල දුන්න බනින්නෙත් නෑ..
මැනේජර් හිටියෙ ගෑනු කෙනෙක්..එයාට වැඩේ වෙනව නං ඕන මඟුලක්..පොඩ්ඩක් අනික් අයගෙ ඕපදූප අහනවා..අවුලක් ගියොත් අපිව පාවල දෙනවා..එයාගෙ ළමයි ගොඩදාන්න ට්‍රයි එක අපිට වල කපල හරි..ඒ වුනාට ඕන කෙනෙක්ට එයාව පාලනය කරන්න පුලුවන් කතා කියල..
Assistant manager තමා මගේ ජීවිතේ හම්බුන හොඳම මනුස්සයා
සර් නැත්තං අද මං බැංකුවෙන් අයින් වෙලා..සර් ගෙන් ඉගෙන ගත්තුව ගොඩයි..බැංකුවෙ ඕනම වැඩක් දන්නව සර්. එයා කිව්වෙ අපිට අදාල හරි නැතා හරි හැමදේම ඉගෙන ගන්න කියල. මම දැකල තියෙනව අපි කන්න ගිහාම සර් ඇවිල්ල අපේ පුටුවෙ වාඩිවෙලා වවුචර් පෝස්ට් කරනව.
බැංකුවෙ වැඩක් නොකර කැරකෙන වෙලාවල ඉඳල හිටල සෙට් වෙනවා..කවුන්ටර් නැති අයට..එහෙම ඉන්නව දැක්කොත් අඬගහල circular file එක දීල කියනව මේක කියවන්න කියල..මහා එපා කරපු වැඩක් ඒක..ඒ වුනාට කරබාගෙන කරනව ඒකෙන් ගත්ත දැනුම තමා ඉතින් අදටත් සමහරක් වෙලාවට අපිට වඩා සීනියර් අයත් අපෙන් වැඩ අහං යන්නෙ
දැන් කියන්නං බේසික්ස් ටිකක්..
බැංකුවෙ රාජකාරි වෙලාව පෙව 8.00-ප.ව 4.45
බැංකුව ගනුදෙනු වෙලාව පෙ.ව 8.30- ප.ව 3.00

අපි 8 ට කලින් ඇවිත් ඉන්න ඕන..8.30 සීට් එකේ ඉන්න ඕන..
දවල්ට පොතේ හැටියට පැයක් කන්න ගන්න පුලුවන් ඒත් බ්‍රාන්ච් වල මිනිස්සුන්ට පැයක් කන්න වෙලාවක් නෑ
මම වැඩට යනවා උදේ 7 වෙනකොට..
හුඟක් වෙලාවට මම උදේට කාල යන්නෙ ඉතින් මං 7 ඉඳං වැඩ..
8 ට කලින් එන අයත් ඉන්නවා..
8න් පස්සෙ එන අය ඉන්නවා
8.30 ට ඇවිල්ලා කන්න යන අයත් ඉන්නවා..
මට එහෙම අයව පේන්න බෑ..
මොකද 8.30ට customer කෙනෙක් ආවම ඒ මිනහ ඔහේ රස්තියාදු වෙනවා
https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😒" title="Unamused face" aria-label="Emoji: Unamused face">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😒" title="Unamused face" aria-label="Emoji: Unamused face">
මම දවල්ට කන්නෙ 3න් පස්සෙ..මොකද සාමාන්‍ය මනුස්සයෙක් කනවා වගේ 12-2 වෙලාවෙ කන්න ගියොත් මොකෙක් හරි එනව කන වෙලාවෙ කෑම එපා වෙන වැඩක් අහගෙන..මොකද හැමෝම එන්නෙ තමන්ගෙ කෑම වෙලාවෙ..
ඉතින් ඔය බැංකුවෙ පෝලිම කියල රෙද්ද උස්සන් එන අයට කියන්න තියෙන්නෙ ඔයගොල්ලන් වගේම මිනිස්සු තමා බැංකුවෙ ඉන්නෙ
සමහර වෙලාවට ඉතින් පොර වගේ 3න් පස්සෙ කන්න හිටියම හරීයටම 3ට එන කස්ටමර්ල එනව දුම්මල ගහලවත් එලවන්න බැරි..අපිට ඉතින් කියන්න බෑ මම තාම කාල නෑ කියල..
ඉතින් ඒ වැඩ ඉවර කරල 4.30ට වගේ කන වෙලාවල් තියෙනවා..
ගෙදර යනකොට දැන් නං රෑ 7.30 වගෙ වෙනව..4.45ට යන අය බ්‍රාන්ච වල අඩුයි
කවුන්ටරේ හිටියා අවුරුදු 4ක්..
ටෙලර් ඉඳන් chief teller කියන තැන වෙනකං..
කවුන්ටරේ ඉන්නව කියන්නෙ එතනින් එහාට ඕනම මනුස්සයෙක් හසුරුවන්න පුලුවන් කියන එක..සඳුදා උදේ 8.30 වෙනකොට අපි නිකං යුද්ධෙට ලෑස්ති වෙලා ඉන්නෙ..මුලින්ම මම කවුන්ටරේ දැම්මම වමත් හින්ද කීබෝඩ් එකේ නම්බර්ස් ගහන එක අවුල් උනා
කට්ටිය කිව්වා දකුණ හුරු කරගන්න කියල..කෑම කන එකත් වමෙන් කන මට මොන දකුණද? ඒත් කීබෝඩ් එකේ වේගෙ සහ සල්ලි ගනින වේගෙ අනුව තමා කවුන්ටරේ වේගෙ එන්නෙ..
මම ගෙදර ගිහින් practice කලා කීබෝඩ් එකේ නම්බර් පෑඩ් එක අහක බලං ගහන්න..
වමෙන් https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😁" title="Grinning face with smiling eyes" aria-label="Emoji: Grinning face with smiling eyes">
Customers ල නැතිනුනාම සල්ලි ගනිනව අතින්
මොකද අපි වැඩ කරන්නෙ අනුන්ගෙ සල්ලි එක්ක..මැශින් එකකට වඩා තමන් ශුවර් වෙන්න තමා අතින් ගනින්නෙ..සල්ලි වලට කොච්චර හුරු වෙන්න ඕනද කියන්නෙ සල්ලි කොල මිටියක් බලල ඒකෙ සල්ලි තියෙනව කියන ගාන අඩුද වැඩිද කියල කියන්න පුලුවන් වෙනව..
අපිට හිටි කෑශ් ඔෆිසර් ඔය මෙලෝ මල දානයක් දන්නෙ නෑ https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😂" title="Face with tears of joy" aria-label="Emoji: Face with tears of joy">
එයා මුස්ලිම් එ වුනාට සර් පට්ට ෆන්.. එක වෙලාවකට නං කරන එව්වට යකා වැහෙනව මොකද බැංකුවෙ හිටියට ගොඩ කාලයක් වැඩිය වැඩ දන්නෙ නෑ..වැඩ නොදැන කොහෙ හිටියත් වෙන්නෙ තව කවුරුහරි අතින් පාලනය වෙන්න තමා..
ඔය වගේම තව කෙනෙක් හිටිය එයා ඕනකමින් ප්‍රොමෝශන් ගන්නෙ නෑ..මොකද ප්‍රොමෝශන් ගත්තම OT අඩුයි
බැංකුවෙ අතින් සල්ලි ගියොත් cash short උනොත් හරි ක්‍රමේ හැටියට රස්සාවටත් කොර වෙන නිසා අතින් දාල ශේප් වෙනව..ඒ වගේ දවස් වලට ඉතින් බ්‍රාන්ච් එකම ඔක්කොම වැඩ දාල සල්ලි හොයනව..හෙනම අවුල්..ගෙදර ගියත් මෙලෝ රහක් නෑ..වැඩි උනොත් නං හුඟක් වෙලාවට හොයං එනව..https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😏" title="Smirking face" aria-label="Emoji: Smirking face">
කවුන්ටරේ කියන්නෙ පුදුම බැඳීමක් තියෙන්න ඕන..සියල්ල තියෙන්නෙ විස්වාසය මත..ඒ හින්දම අදටත් බැංකුව්ව් කියල ළඟම යාලුවො ඉන්නෙ එකට කවුන්ටරේ වැඩ කරපු අය තමා ඒ අය දැන් වෙන වෙන බ්‍රාන්ච් වල...ඒ උනාට යාලුකම එහෙමමයි..අපි සල්ලි ඕන තරං ලාච්චුවෙ දාල යන විස්වාසෙ කඩල නෑ කවදාවත්
හොරා නං හොරාම කියන ආයෙ කියන්න ඕන නෑනෙ..බැංකුවලත් හොරකම වෙනව..ඒ උනාට බැංකුවේ හොරකමක් කරල කවදාවත් බේරුන කෙනෙක් නෑ..
කලින් කිව්වා වගේ සියල්ල විස්වාසෙ මත තියෙන්නෙ..
අපිට වැදගත් අපේ හම්බ කරපු සල්ලි..අනික් සල්ලි නිකං කොළ ගනිනව වගේ තමා අපිට
එකේක විදිහෙ මිනිස්සු එනවා අපිට..සමහර වෙලාවට හැසිරෙන විදිහට මැරෙන්න ගහන්න තරං තරහක් ආවට එහෙම කරන්න බෑනෙ..එ වෙලාවට හොඳට හිනාවෙලා බලනව..ඌම දන්නව එතකොට හිනාවෙන්නෙ ගහන්න බැරි හින්ද කියල..එක්කෙනෙක්ගෙ වැඩ කරන කොට අපි අනික් පිටිපස්සෙ ඉන්න දෙන්නෙක්ගෙ විතර මූණවල් බලනව. තරහ ගිහින්ද බලන්න
තරහ ගිහින් වගේ නං එයාගෙන් අහනව මොනාද වෙන්න ඕන කියල..ඩිපොසිට් හරි සල්ලි ගන්න හරි මොක හරි එයාගෙ අතේ තියන එක අපි අර ගන්නව..දැන් මිනිහ හිතන්නෙ අපි එයාගෙ වැඩේ කරනව කියල්..නෑ අපි තාම අරක තමා කරන්නෙ ඒ වුනාට මිනිහට සතුටුයි..ඔව්වා ට්‍රික්ස් https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😁" title="Grinning face with smiling eyes" aria-label="Emoji: Grinning face with smiling eyes">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="🤭" title="Face with hand over mouth" aria-label="Emoji: Face with hand over mouth">
කාන්‍තාවන්ට දෙන වැටුප් ව්ෂමතාව හුඟක් වෙලාවට බැංකුවට බලපානව අඩුයි. බැංකුවෙ අද වෙනකොට වැඩිපුරම ඉන්නෙ ගෑනු කට්ටිය..අපිට ඔක්කොටම එකම පඩියෙ..කරුමෙ කියන්නෙ ඉතින් වැඩ කලත් හම්බුවෙනව නොකලත් හම්බුවෙනව..වෙනසක් නෑ..Promotion උනත් ගෑනු අයට හම්බ වෙනවා වෙනසක් නෑ..වැඩේ ගෑනු උදවිය මගදි අතාරින එක
බැංකුව රස්සාව ලේසි නෑ..හැමෝම හිතන්නෙ ඒක ලේසියි කියල..රජයේ බැංකුවල රස්සාව ලේසි නෑ..මිනිස්සු එනවා දවසේ කුලිය ඉඳන් කොම්පැනි කරන ලොක්කා ඉඳන් කට්ටිය..වයසක අය වැඩිය දැනුමක් නැති අය..ඔය ඔක්කොමලා සර් ලා මිස් ලා තමා..ඔක්කොම එකයි අපිට :)
වැරදි නැතුව බැනුන් අහන්න වෙන වෙලාවල් ඕන තරං
කන්න වෙලාවක් නෑ..විනාඩි 3ට කාල ආපු දවස් තියෙනවා..මෙලෝ සම්බන්ධයක් නැති දේවල් වලට බැනුම් අහල තියෙනව ඔය කොයි දේටත් කර බාගෙන කරං යන්න ඕන.එහෙමයි කියල අවස්තාව ආවම හොම්බෙන් යන්න දෙන වෙලාවල් නැතුවම නෙවෙයි..මැනේජර්ට කම්ප්ලේන් එක යන්න නොදී දෙකක් කියන ඒකත් ට්‍රික්ස් තමා https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😁" title="Grinning face with smiling eyes" aria-label="Emoji: Grinning face with smiling eyes">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😁" title="Grinning face with smiling eyes" aria-label="Emoji: Grinning face with smiling eyes">
ඕන තරං අය ඉන්නවා තමාට හිතු විදිහට නිවාඩු දාන තමන්ගෙ වැඩේ හරියට නොකරන අය..අපේ ගෙදර running joke එක මං බැංකුව කරේ තියං ඉන්නෙ කියල..ඔව් මං පාන්දර 2ටත් බැංකුවෙ එලාම් එක වැදිල කියල බලන්න ගිහින් තියෙනව admin පැත්ත බලපු කාලෙ..එනකොට පොලීසියෙන් ඇවිත්.බලද්දි එලාම් එකේ ශෝට් එකක් https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😂" title="Face with tears of joy" aria-label="Emoji: Face with tears of joy">https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😂" title="Face with tears of joy" aria-label="Emoji: Face with tears of joy">
ඔන්න ඔය බැංකු ජීවිතේ කොටසක් මං කිව්වෙ තව කියන්න දේවල් හැටහුටාමාරකුත් එකක් තියෙනවා..
ඒකේක මිනිස්සු ඉන්නවා..වැඩ කරන හා වැඩ නොකරන. ඔය ඔක්කොම එක්ක කොහොමහරි ඉතින් වැඩ කරං යන්න ඕන.නැත්තං ගොඩ යෑමක් නෑ. වැඩ නොකරන එකාගෙන් වැඩේ කරවගන්න එක අපේ වැඩක්. නැතුව කරන එකාටම දෙන්න ගියොත් බෑ
හරියට වැඩ කලොත් මිනිස්සු එක්ක හොඳින් හිටියොත් නරකක් වෙන්නෙ නෑ..
අදටත් පාරෙ හරි කඩේකට යනකොට කතා කරල යන මිනිස්සු ඉන්නවා..
"ඔය බැංකුවෙ නේද? ආයෙ මෙහෙ එන්නෙ නැද්ද? ඔයගොල්ලො ඉන්නකොට බැංකුව නියමයි.ඔයාල තමා අපෙ බිස්නස් ගොඩ ගත්තෙ. ඔයා තමා මං දැකපු ෆාස්ට්ම ටෙලර්" ඕවා තමා අපිට ඉතිරි https://abs.twimg.com/emoji/v2/... draggable="false" alt="😌" title="Relieved face" aria-label="Emoji: Relieved face">
You can follow @Lovely_Paba.
Tip: mention @twtextapp on a Twitter thread with the keyword “unroll” to get a link to it.

Latest Threads Unrolled: